The Walle

අහස පොළාව උණුසුම ඔබ මිලදී ගන්නේ කෙසේද? මම නම් නොදනිමි.

Posted in පුවත්පත් ලිපි by admin on December 6, 2008

මෙම ලිපිය 2006 සැප්තැම්බර් මස 17  වන දින ‘සත්දින‘ පුවත්පතේ පළ වූවකි.
(w) තවීෂ්‍යා දක්ෂිණී මුල්ලෙගම්ගොඩ

සියැටල් (Seattle) යනු ශේෂ්ඨ රතු ඉන්දියානු නායකයෙකි. සුදු ජාතිකයින් රතු ඉන්දියානුවන් පදිංචිව සිටි බිම් මිලදී ගැනීමට යෝජනා කළවිට ඊට පිළිතුරු ලෙස සියැටල් කල ප්‍රකාශය ලොව පුරා ඇගයීමට පාත්‍ර විය. පරිසරයේ වටිනාකම සහ රතු ඉන්දියානුවන්ගේ දර්හනය රැගත් මෙම පිළිතුර “Chief Seattle’s Reply” ලෙස හැඳින්වේ. මේ එහි සිංහල පරිවර්තනයයි.

“අපගේ භූමිය මිලදී ගැනීමට බලාපොරොත්තුවන බව, වොෂිංටනයේ ප්‍රධානියා (ඇමෙරිකානු ජනාධිපතිතුමා) අප වෙත දන්වා එවා තිබෙයි. ඒ වගේම ඔහු අපට මිත්‍රත්වය හා කාරුණික බව දන්වා එවා තිබෙයි. එය ඔහුගේ ආකාරයයි. අපගේ මිත්‍රත්වය පෙරළා ඔහුට අවශ්‍යවන්නේ සුළුවෙන් බව අප දනිමු. නමුත් අපි ඔබගේ ඉල්ලීම සලකා බලන්නෙමු.

අපගේ භූමිය විකුණන්නේ නැතිනම්, සුදු මිනිසුන් තුවක්කු රැගෙනවිත් අපගේ භූමිය ලබාගන්නා බව අපි දනිමු.

අහස, පොළාවේ උණුසුම ඔබ මිලදී ගන්නේ හෝ විකුණන්නේ කෙලෙසද? එම අපට නම් ආගන්තුකයි. වාතලයේ නැවුම්බව, ජලයට ආලෝකය වැටීමෙන් ඇතිවන දිදුලන බව අපට අයිති නැතිනම්, ඔබ ඒවා මිලදී ගන්නේ කෙලෙසකද?මේ පොළවේ සෑම කොටසක්ම මගේ මිනිසුන්ට පූජනීයයි. සෑම දිදුලන ෆයින් කොළ තුඩක්ම, සෑම වැලි තලාවක්ම, අඳුරු කැලෑව තුළ රැඳී අති සෑම මීදුමක්ම, සෑම නාදයක්ම හා ‘ගුම්’ නද දෙන සෑම කෘමියෙක්ම අපගේ මතකයේ ශුද්ධ වූ වස්තූන් වෙයි, අපගේ මිනිසුනගේ අත්දැකීම් වෙයි. ගස් තුළින් ගලායන දියරය, රතු මිනිසුන්ගේ මතකයන් රුගෙන යයි.

සුදු මිනිසුන් මරණින් පසු තරු අතර සැඟවෙන නිසා ඔවුන් ගේ මරණය, ඔවුන්ට උපන් දේශය අමතක කරලීය. අපගේ මරණය කිසිදාක මෙම ලස්සන පොළොව අමතක නොකරයි. එසේ වන්නේ රතු මිනිසාගේ මව මෙම පොළොව නිසාවෙනි.

අපි මෙම පොළොවේ කොටස්කරුවන් වන අර, මෙම පොළොව අපගේම කොටසක් වෙයි. සුවඳවත් පුෂ්පයෝ අපගේ සොහොයුරියෝය. මුවන්, අශ්වයන්, මහා රාජාලියන් අපගේ සොහොයුරෝය. රොකී කඳුමුදුන්, තණ බිම්වල සාරය, පෝනියාගේ සිරුරේ උණුසුම සහ මිනිසා, සෑම දෙනාම අයත්වන්නේ එකම පවුලකටයි. ඉතිං අපි, අපගේ භූමිය මිලදී ගැනීම සඳහා වන ඔබගේ ඉල්ලීම සලකා බලන්නෙමු. නමුත් එය එතරම් පහසු දෙයක් නොවන්නේ, අපට මෙම භූමිය පූජනීය වන බැවිනි.

ගංගා, ඇල දොළ ගලා යන දිදුලන ජලය, හුදෙක්ම ජලය නොව, අපගේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. අපි අපගේ භූමිය විකුණුවොත් මෙම භූමිය පූජනීය බව ඔබ අනිවාර්්‍යයෙන්ම මතක තබා ගතයුතුය. එහි ඇති පූජනීය බව ඔබගේ දරුවන්ට ද ඉගැන්විය යුතුය. ඇළ දොළවල ගලා යන පිරිසිදු ජලයේ දිස්වන මායාකාරී ප්‍රතිබිම්බය, මාගේ මිනිසුන්ගේ ජීවිත අවස්ථා සහ මතකයන් කියා පායි. මාගේ මුතුන්මිත්තන් ගේ හඩ, ජලයේ ගලායන සියුම් හඬ තුළ රුව් පිළිරුව් දෙයි.

ගංගාවන් අපගේ සොහොයුරෝය. ඒවා අපගේ පිපාසයනිවාලයි, අපගේ ඔරු පාරු ගෙනයයි, අපගේ දරුවන්ට අහාර සපයා දෙයි. අපි අපගේ භූමිය විකුණුවොත්,  මෙම ගංගාවන් අපගේ සහ ඔබගේ සොහොයුරන් බව මතක තබාගත යුතුය. ඔබ ගේ දරුවන්ට කියා දිය යුතුය. ඔබ, ඔබගේ සොහොයුරෙකුට දක්වන කරුණාව අද සිට මෙම ගංගාවලට ද දැක්විය යුුය.

හිමිදිරි පාන්දර කඳු මුදුන් උඩින් ඉර පායා එන්නට පෙර මීදුම ගලායන්නාක් මෙන්, සුදු මිනිසා ඉදිරියට ඒමට පෙර හැම විටම රතු මිනිසා පලායයි. එහෙත් අපගේ මුතුන් මිත්තන්ගේ අළු අපට පූජනීයයි. ඔවුන්ගේ මිනීවලවල් අපට පූජනීය භූමියකි. ඉතිං එම නිසා මෙම කඳු මුදුන්, ගස්වැල් පොළොවේ මෙම කොටස අපට පූජනීයයි.

සුදු මිනිසාට අපගේ ආකාරය තේරුම් ගතනොහැකි බව අපි දනිමු. සුදු මිනිසාට භූමියේ එක් කොටසක්, අනෙක් කොටසක් හා සමවෙයි. සුදු මිනිසා ආගන්තුකයෙකි. ඔවුන්ට අවශ්‍ය දේවල් රාත්‍රියට පැමිණ මෙම භූමියෙන් රැගෙන යයි. මෙම පොළොව ඔහුගේ සොහොයුරෙකු නොව, ඔහුගේ සතුරෙකි. ඔහු ජයගත් විට තවදුරටත් ඉදිරියටම යයි.

ඔහු, ඔවුන්ගේ මුතුන් මිත්තන් ගේ මිනීවලවල් පසෙක දමායයි, ඔහු ඒ ගැන නොතකයි. ඔහු ඔවුන්ගේ දරුවන්ගෙන් මෙම පොළොව බලහත්කාරයෙන් පැහැරගනී. ඔහු, ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ මිනීවලවල් නොසලකා හරියි. ඔවුන් ඔවුන්ගේ දරුවන් උපතින්ම ලද අයිතිවාසිකම් අමතක කරලයි.

බැටළුවන් හා බබලන පබළු මෙන්, මිලදී ගතහැකි, බලහත්කාරයෙන් හා ක්‍රමවත්ව සොරාගත හැකි, විකිණිය හයැකි දේවල් ඔහු, ඔහුගේ මව, මෙම පොළොව, මෙම ආකාය ගැන සලකයි. මෙම පො‍ළොවට ඔවුන් දක්වන කෑදරකම, මෙම පොළොව කාන්තාරයෙක් බවට පත්කරනු ඇත.

මම නොදනිමි. අපගේ ආකාරය, ඔබගේ ආකාරයෙන් වෙනස් වෙයි. ඔබගේ නගරවල දසුන්‍, රතු මිනිසාගේ දෙනෙත්වලට වේදනාව ගෙනදෙයි…. එහෙත් එසේ වන්නේ මම වනචාරී පුද්ගලයෙකු බැවින් මට නොතේරෙන නිසා විය හැකිය. තියුණු හා දරුණු ශබ්ද, අපගේ දෙසවන් සමච්චලයට ලක් කරන ලෙස පෙනෙයි.

දණ්ඩෙන් පහර ලද අහිංසක සතෙකුගේ හුදකලා විලාපය නොඇසෙන, රාත්‍රී කාලයේදී පොකුනුවල සිටින ගෙම්බන්ගේ කලහකාරී සංවාද ‍නොඇසෙන, මිනිස්  ජීවිතයක් කුමකටද? මම රතු මිනිසෙකු බැවින් මට තේරුම්ගත නොහැකිය.පොකුණුවල  මුහුණතින් එක්වරම වේගයෙන් හමායන සුළගේ සියුමැලි හඩට, දහවල් කාලයේ වහින වැසි ජලයෙන් පිරිසිදුවූත් ෆයින් ගසින් හමන සුගන්ධයෙන් සුවඳවත් වූත් සුළගේ සුවඳට රතු ඉන්දියානුවෝ කැමති වෙති.

වාතය රතු මිනිසාට ඉතා වටිනා වස්තුවකි. සතුන්, ගස්වැල්, මිනිසා මේ සියල්ලම ශ්වසනයේදී එකම වාතලයක් හුවමාරු කරගනී. කිහිප දිනක සිට මරණයට පත්වෙමවින් සිටින කෙනෙකුට උහුලාගත නොහැකි ගන්ධයකට වුවද එරෙහිව අංග චලනය කල නොහැකි සේ, සුදු මිනිසා තමා ශ්වසනය කරන වාපතලය ගැන සැලකිලිමත්වීමට අපොහොසත් වෙයි.

නමුත් අපි, අ‍පේ භූමිය ඔබට විකුණුවහොත් වාතලය අපිට වටින බව එය සෑම ජීවියෙකුම සමඟ අපගේ ආත්මය බෙදාහදා ගන්නා බව මතක තබාගත යුතුය. අපගේ මුතුන් මිත්තන්ට පළමු හුස්මපොද ලබාදුන් සුළඟ, ඔවුන්ගේ අවසන් සුසුම් පොදද ලබා ගනී. සුළඟ අපගේ දරුවන්ගේ ජීවිතවලට ද ආත්මය ලබාදී ඇත. ඉතිං අපි අපගේ භූමිය මිලදී ගැනීමට ඔබ කර අති ඉල්ලීම ගැන සලකා බලන්නෙමු. අපි එම ඉල්ලීම පිළිගැනීමට තීරණය කළොත්, මම එක් කොන්දේසියක් ඔබට ඉදිරිපත් කරමි. සුදු මිනිසා තම සොහොයුරන්ට මෙන් මෙම පොළොවේ වසන සියලුම සතුන්ට සැලකිය යුතුය.

මම වනචාරියෙකු බැවින් මට වෙනත් ආකාරයක් තේරුම් ගත නොහැක. දුම්රියක ගමන් කරන සුදු මිනිසෙකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලද කුණු වී ගිය දහසු ගණනක් කුළු හරක් සිරුරු, පෙයරීස් තණබිම්වල විසිරී තිබෙන අයුරු මම දැක ඇත්තෙමි. අප ජීවිකාව ගෙනයාම පිණිස පමණක් ඝාතනය කරන කුළු හරකාට වඩා, දුම් පිටකරන යකඩ අශ්වයාව ඔබට වැදගත් වූයේ කෙසේ දැයි, මම වනචාරී අයෙකු බැවින් මට නොතේරෙයි.

සතුන්ගෙන් තොර මිනිස් ජීවිතයක ඇති වැදගත්කම කුමක්ද? සෑම සත්ත්වයෙකුම මරණයට පත්වුවහොත්, විඳීමට සිදුවන හුදකලා බවින් මිනිසා ද මරණයට පත්වනු ඇත. සතුන්ට යමක් සිදුවේද එසැනින් එය මිනිසාට සිදුවනු ඇත. සියල්ලෝම එකිනෙක හා බැඳී පවතී‍. ඔබගේ දරුවන්ගේ දෙපා ගැටෙන භූමිය තුළ අපගේ මුතුන් මිත්තන්ගේ අළු ඇති බව, ඔබ ඔබේ දරුවනට ඉගැන්විය යුතුය. එවිට ඔබේ දරුවන් මෙම භූමියට ගෞරව දක්වනු ඇත. මෙම භූමිය අපගේ මුතුන් මිත්තන්ගේ ජීවිතවලින් පොහොසත් බව,  ඔබ, ඔබේ දරුවන්ට ඉගැන්විය යුතුය.

මෙම පොළොවට යම් දෙයක් සිදුවේද, ඒ දෙයම පෙරළා එහි දරුවන්ට ද සිදුවනු ඇත. මිනිසා ජීවිතය නැමැති දැල වියනු නොලබයි. ඔහු හුදෙක් එහි නූලක් පමණි. මිනිසා එම දැලට යමක් සිදු කරයි ද එය තමාටම සිදුකර ගන්නා දෙයක් හා සමාන වෙයි.

අපට තව ඉතිරිව ඇත්තේ කෙටි කාලයක් බැවින්, ඉතා සුළුවෙන් පමණක් එය අපට බලපානු ඇත. තව අපට ඇත්තේ කෙටි කාලයකි. පැය කිහිපයකි. සීත සෘතු කිහිපයකි. මෙම පොළොව ාමත ජීවත්වුණු හෝ දැනට කුඩා කණ්ඩායම් ලෙස කැළෑ හරහා සංක්‍රමණය වන හෝ අපගේ ගෝත්‍රයේ ළමයි කිසිවකුත්, ඔබ මෙන් එක් කලකදී  බොහෝ බලාපොරොත්තු සහගතව සිටි අප මිනිසුන්ගේ මිනීවලවල්වලට ගෞරව දැක්වීමටවත්, මෙම පොළොව ඉතිරි නොවනු ඇත.

එක් දෙයක් අපි දනිමු. අපගේ දෙවියන් ඔබගේද දෙවියන් බව යම් දිනකදී සුදු මිනිසා සොයාගනු ඇත. ඔබ අපගේ භූමිය අයිතිකර ගැනීමට සිතනවාක් මෙන්, දෙවියන්ද ඔබට පමණක් අයිති බව ඔබ දැන් සිතනු ඇත. එහෙත් එය එටසේ නොවෙයි. ඔහු මුළු මහත් මිනිස් සමාජයේම දෙවියන් වෙයි. ඔහුගේ කරුණාව රතු මිනිසාටද, සුදු මිවනිසාටද, එක හා සමාන වෙයි. මෙම පොළොව ඔහුට (දෙවියන්ට) ඉතා අගනේය. මෙම පොළොවට යම් විනාශයක් කළොත්, එය, එහි නිර්මාණකරුවාට කරන විනාශයක් හා සමවෙයි. සුදු මිනිසා අන් ගෝත්‍රයන්ට ද වඩා ඉක්මනින් වඳවී යනු ඇත. තමා‍‍ගේ යහන තමා විසින්ම අපවිත්‍ර කර ගන්නා විට යම් රාත්‍රියක දී තමාගේම අපවිත්‍ර දෑ උහුලාගත නොහැකිව හුස්ම ගැනීමට පවා අපහසු වී ඔබ මරණයට පත්වනු ඇත.

එහෙත් මරණයත් සමඟ ඔබ මෙලොවට ගෙන ආ දෙවියන් ශක්තියෙන් දැවී දිදුලනු ඇත. කිසියම් විශේෂ කාර්්‍යයක් සඳහා මෙම භූමියට හා රතු මිනිසාට එරෙහිව ඔබහට බලය ලබාදී ඇත. කුළු හරක් මරණයට පත්කරන විට, කැලෑවේ ඇති රහස් ස්ථාන මිනිසුන්ගෙන් පිරී යනවිට, දුරකථන රැහැන් ඇද වගාකළ කඳු මුදුන් විනාශ කරනවිට එම ඉරණම කෙසේ වුවාදැයි අපට නම් සිතා ගැනීමට පවා නොහැක. අපට තේරුම් ගත නොහැක.

ලඳු කැලෑවලට කුමක් සිදුවීද? මහා රාජාලියා කොහේ සැඟවුණිද?, දුව පනින පෝනියාට හා දඩයම් කරුවාට සමුදෙන්න සිදුවූයේ කුමක් නිසාද?, මේ ජීවිතයේ අවසානය සහ ජීවත්වන්නට ගන්නා උත්සහයේ ආරමේභයයි.

ඉතිං අපි අපේ භූමිය ඔබට විකුණුවොත්, අප සැලකූ ආකාරයටම ඔබත් එයට ආදරය කරන්න. ඔබ මෙම භූමිය ලබාගන්නා විට එහි තිබූ මතකයන් හා සිහිවටනයන් සැමදා ඔබේ මතකයේ තබා ගන්න. ඔබේ සියලු උත්සහයන් යොදා එය ඒ අයුරින්ම ඔබේ දරුවන් වෙනුවෙන් රැකගන්න. දෙවියන් අප සියල්ලන්ටම ආදරය යම්සේද……, එලෙසින්ම මෙම පොළවට ආදරය කරන්න.”

පරිවර්තනය : තවීෂ්‍යා දක්ෂිණී මුල්ලෙගම්ගොඩ

p-13
‘සත්දින’  උල්පත අතිරේකය > 2006-09-17