The Walle
තෝරා ගැනීමේ උභතෝකෝටිකය (අවරදිග ආවර්ජනා – රාවය)
මේ අවබෝධය මත, පවතින පාලනය ප්‍රතික්ෂේප කළ යුතු බවට ගොනු කෙරෙන සරළ කරුණු කිහිපයක් චන්දදායකයෙකු වශයෙන් මෙසේ ලේඛනගත කරමි.
රටක ජනතාවක් ලැජ්ජාවෙන් රෝගී කරවන මර්වින් සිල්වා නැමැති දේශපාලඥයෙකුගේ සහාය මත යැපීමට තරම් වර්තමාන ජනාධිපතිවරයා ‘නිර්භීත’ විය. ලසන්ත වික්‍රමතුංග එ ලොව යැව්වේ තමන් බව මොහු විසින් ප්‍රසිද්ධියේ පුකාශ කිරීම ගැන කිසි පියවරක් නොගන්නා පොලිස්පතිවරයෙකු ඔහු ලඟින් සිටී. චන්ද කොමසාරිස් ගේ රාජකාරිය වන්නේ චන්ද පෙට්ටි ආරක්ෂා කිරීම මිස මාධ්‍ය සදාචාරය ස්ථාපිත කිරීම නො වන බව ගුවන්විදුලියෙන් ප්‍රකාශ කරන හඩ්සන් සමරසිංහ වැනි අශිෂ්ඨයන් නඩත්තු කරන ජනාධිපතිව‍රයෙකු, රටක් ශිෂ්ඨ සම්පන්න කිරීමට දායක වේ යැයි මගේ දැනුමේ හැටියට මට විශ්වාස කළ නො හැක.
ඊළඟ පාලන කාලයේ දී පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ර‍ජයේ පාලනයට යටත් කිරීමට කටයුතු කරන බව කියන සෝමරත්න දිසානායක වැනි ළමා චිත්‍රපට නිෂ්පාදකයන් සහ දේවානම්පියතිස්ස යුගයේ රට කැරැ‍වූ සහෝදර ක්‍රමය 21 සියවසේ ලංකාවටත් උචිත බවට තර්ක කරන ජැක්සන් ඇන්තනි වැනි නළුවන් සිටින වේදිකාවකට අත්වන ජයග්‍රහණයක්, රටට අත්වන පරාජයක් වශයෙන් නො සලකා සිටීමට මට පුළුවන් කමක් නැත.
අරක්කු බෝතලයක් හෝ සිගරට්ටුවක් පෙනෙන සිනමා දර්ශනවලට උඩින් කළු කොටු පුරවන සිල්ගත් මාධ්‍ය සදාචාරයක් සහ සිංහල සිනමාව හා කලාව මෙහෙයවිය යුත්තේ “මහින්ද චින්තනයට” අනුව යැයි විශ්වාස කරන වැඩවසම් සංස්කෟතික පොලීසියක් කිසි ලෙසකින්වත් මුල්ලාවරුන්ගේ මූලධර්මවාදී පාලනයකින් වෙනස් වෙතැ යි මට විශ්වාස කළ නො හැක.
අවුරුදු හතරක් වැනි කෙටි කාලයක් ඇතුලත මාධ්‍යවේදීන් 14 දෙනෙකු ඝාතනය වූ සහ ඒ කිසි ඝාතනයකට සම්බන්ධ කිසි අපරාධකරුවෙකු මේ දක්වා අධිකරණයක් ඉදිරියට පමුණුවා නැති පාලකයකු ඊ ලඟ අවුරුදු හයේ දී රටේ මාධ්‍ය නිදහස ආරක්ෂා කරති යි මට විශ්වාස කළ නො හැක.
පාර්ලිමේන්තුවේ ඒකච්ඡන්දයෙන් සම්මත වූ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලගැන්වීම ප්‍රතික්ෂේප කරන සහ බලය අපහරණය කිරීම සඳහා එහි වාසිය ප්‍රසිද්ධියේ පාවිච්චි කරන නායකයෙකු අතින් රාජ්‍ය ආයතන ඊ ළඟ අවුරුදු හයේ දී නිර්දේශපාලනීකරණය වෙති යි මට සිතා ගත නො හැක.
සුනාමි සහනාධාර ස්වකීය පෞද්ගලික ගිණුමට බැර කර ගැනීමේ දූෂණ චෝදනා, අනතුරුව තමන් ජනාධිපති වී ය යන මුක්තිය යටතේ අධිකරණයෙන් ඉවත් කර ගත් පාලකයෙකු, ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දූෂිත යැයි නම් කළ පී. බී. ජයසුන්දර වැනි රාජ්‍ය නිලධාරියෙකු ආපසු රාජ්‍ය සේවයට බඳවා ගත් පාලකයකු, කෝප් වාර්තාව අනුව කටයුතු නො කරනවාට අමතර ව එම වාර්තාවෙන් දූෂණ චෝදනා නැගුණු මිලින්ද මොරගොඩ වැනි දේශපාලඥයෙකු සිය කැබිනට්ටුවේ දැනටත් තබා ගන්නා ජනාධිපතිවරයෙකු, ඉදිරි වසර හය තුළ දී රටේ ඔඩුදුවා ඇති මහපරිමාණ දූෂණ සංස්කෘතිය නැති කිරීමට පියවර ගනිති යි මට විශ්වාස කළ නො හැක.
අවුරුදු තුනකටත් වැඩි කාලයක් තිස්සේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සොයන නියාවෙන් ලෝකයා ගොනාට අන්දවමින් සර්ව පාක්ෂික සමුළුවක් පැවැත් වූ සහ එහි වාර්තාව කුණු කූඩයට ලෑ ජනාධිපතිවරයෙකු, දෙමළ ජාතික සන්ධානය ඔහුගේ විරුද්ධ පාක්ෂිකයා වෙත සහයෝගය පළ කිරීම නිසා ම, එම අපේක්ෂකයා විසින් රට දෙකඩ කිරීමට යන බවට ලාබ ජාතිවාදය අදටත් අවුස්සන ජනාධිපතිවරයෙකු, මෙ වැනි යුද්ධ තව දහයක් ජයග්‍රහණය කළත්, මේ රටේ වාර්ගික සමගිය සම්බන්ධයෙන් කිසිවක් කරතියි මට විශ්වාස කළ නො හැක.
ඇමති මණ්ඩලය ලොකු කරන තරමට එය ස්වකීය බලය රැක ගැනීමේ කෝකටත් තෛලයක් වෙති යි විශ්වාස කරන සහ ඒ අනුව කටයුතු කරන නායකයෙකු තමාගේ අභිවෘද්ධිය සඳහා මිස රටක ප්‍රජාතන්ත්‍රවාදයේ උන්නතියට පිහිට වෙති යි මට පිළිගත‍‍ නො හැක.
ලෝකයේ පළමු වැනි ව‍රට, ජීවතුන් අතර සිටිය දී තමන්‍ ගේ රූපය රටේ ඉහළ ම අගය දරණ මුදල් නෝට්ටුවේ අච්චු ගසා ගත් නායකයෙකු, බරපතල ස්වෝත්තමවාදී ව්‍යාධියකින් නො පෙළෙති යි මට විශ්වාස කළ නො හැක.
අවුරුදු හතරක් වැනි කෙටි කාලයක් තුළ ‘මහින්ද චින්තනයෙන්’ සියයට අනූවක් ඉටු කර ඇතැ යි කියන අ‍තරේ ඉතිරි ව තිබූ ඉදිරි අවුරුදු දෙක අනිත් සියයට දහය ඉටු කිරීම සඳහා පාවිච්චි නො කළ නායකයෙකු තමාට මිස රටට ආදරය කරන නායකයෙකි යි මට පිළිගත නො හැක.
මෙ වැනි පාලකයෙකු වෙනස් කර ගැනීම පමණකින් පරමාදර්ශී හෙටක් බිහි වෙති යි මම විශ්වාස නො කරමි. එහෙත්, පවතින පාලකයා යටතේ උදා විය හැකි හෙට දවස, අද දක්වා අප මුහුණදුන් අත්දැකීම් අනුව වඩා යහපත් හෙටක් නො වන බවට ඇති නිත්‍ය සහතිකය ඉන් අවලංගු වන්නේ නැත.
ප්‍රජාතන්ත්‍රවාදය මෙ තැනින් ඉදිරියට එක අඩියක් හෝ තැබීමට නම් පාලනයේ වෙනසක් ඇති කර ගැනීම අනිවාර්ය වන බව මගේ හැඟීම යි. පවතින බලය වෙනස් කිරීමත්, ඒ වෙනසින් පසු ජනතාවක් වශයෙන් අවදියෙන් සිටීමත්, පැහැර හැරිය නොහැකි කර්තව්‍යයක් වන බව ද සිත්හි ධාරණය කර ගැනීම මැනවි. පය ගසා සිටින මහ පෙ‍ාළොව මේ මොහොතේ ගිනි ගනී නම්, එ තැනින් හැකි සැණින් අඩිය ඔසවනවා මිස, ඊ ළඟට අඩිය තියන්නේ සිසිල් ගඟුලකට දැ යි හිතන්නට තරම් ඉස්පාසුවක්, එකම අවියක් වශයෙන් එක චන්දයක් පමණක් හිමි මට නැති වීම ගැන සමාවන්න.
-ගාමිණී වියන්ගොඩ
‘අවරදිග ආවර්ජනා’ 2010 ජනවාරි 24 ‘රාවය’
අවුරුදු 40 ක පළපුරුදු සංවේදී නායකයා වසර 4 කදී කල හපන්කම් (pdf)
<param name="movie" value="http://d1.scribdassets.com/ScribdViewer.swf"><param name="wmode" value="opaque"> <param name="bgcolor" value="#ffffff"> <param name="allowFullScreen" value="true"> <param name="FlashVars" value="document_id=24609614&access_key=key-17gnsadu7kyahkz81s0s&page=1&viewMode=">
<embed id="scribd_24609614" name="scribd_24609614" src="http://d1.scribdassets.com/ScribdViewer.swf?document_id=24609614&access_key=key-17gnsadu7kyahkz81s0s&page=1&viewMode=" type="application/x-shockwave-flash" allowfullscreen="true" height="500" width="100%" wmode="opaque" bgcolor="#ffffff"></embed></object>
View this document on Scribd
කුණාටුව
කුණාටු හට ගන්නේ කොතැන්හි ද?
ඈත අහසේ ද, මෑත පොළවේ ද?
යුග ගණන් මුලු අල්ලා පැලවුණු,
රූස්ස රුක් රජුන් ඇද හෙලා,
කල්පාන්තරයක තෙක් අචලයයි සිතූ,
දැවැන්ත ගල් පෙරලා,
සත් සමුදුරම කලඹා ගොඩගලා,
අපේ ලෝකය වෙනස් කරන කුණාටුවක් !
ඔව්, එවන් යෝධ කුණාටුවක්,
1917 දී රුසියාවේ හැමුවේය !
එයින් ලොව වනසට නොව වෙනසට පත්වීම ඇරඹිණ.
ඒ කුණාටුව පළමුව හටගත්තේ,
ලෙනින් ගේ සිතෙහි ය.
සිතින් ගතටත්, ගතින් පොළොවටත්
හමා ගියේ ය!
එදා මෙදාතුර තවමත් හමයි.
සමහරු එහි හරි වැරදි සොයති.
එහෙත් වෙනස්වීම වෙනස් නොවේ.
ලොව වෙනස් විය යුතුය,
ඇතතෙන්ම තව දුරටත් -ඒ කුණාටුව,
නැහැ -ලෙනින් !
ලොවපුරා හමා යා යුතුය.
- එස්. ජී. පුංචිහේවා (දියැස සඟරාව, වෙලුම 1 කලාපය 15)
1995 නොවැම්බර් – 1996 ජනවාරි
බිඳුණු තල්වැට පාමුල සිඳීගිය ජීවිතයක මතක! :: (දිවයින ඉරිදා සංග්‍රහය)
1983 එක රාත්‍රියක මැදියම පසු වු මොහොතක මා අවදි කළ රාජනී ව්‍යාපාරයේ (ඉයක්‌කම් හි) තුවාල වී ඇති ළමයෙකුට ප්‍රතිකාර කිරීමට තමා කැඳවා ඇති බව කීවාය. ඇයට එය වෛද්‍යවරයෙකු වශයෙන් රෝගියෙකුට දැක්‌විය යුතු අනුකම්පාව පිළිබඳ කාරණයකි. මට එය දේශපාලන වැඩකි. මා ගල් ගැසිණ. අනෙක්‌ පසට හැරුණ මම නිදා ගතිමි. පීඩකයාගේ පාර්ශ්වයට අයත් මමත්, ප්‍රජාව “මුදා ගැනීමේ” අරගලයේ තම වගකීම ඉටු කරන, මා තදින්ම ආදරය කළ මෙම ගැහැනියගේ භූමිකාව අතරත් වූ ගැටුමේ වේදනාවෙන් පෙළුණෙමි. මෙම සිහින් කෙඳිරීමත් ඉන් පසු වූ දේශපාලන මත වාදයත් ක්‍රම ක්‍රමයෙන් ඈත් වු අප සම්බන්ධතාවයේ ඉරිතලා යැමේ ආරම්භයක්‌ විය.
රාජනි තමා වටා සිටි අය කෙරේ ඉමහත් බලපෑමක්‌ ඇති කළාය.
මිය යන විට ඇය දියණියන් දෙදෙනෙකුගේ, 11 හැවිරිදි නර්මදා හා 9 හැවිරිදි ෂාරිකා මවකි. ඇගේ වයස එවිට වසර 35 කි. මානව අයිතිවාසිකම් රැක ගැනීමේ දේශපාලන ක්‍රියාකාරිත්වයේ දී සුවිශේෂී ධෛර්යක්‌ සහ දැක්‌මකින් යුත් වු ඇය එම අයිතීන් කඩ වූ කුමන අවස්‌ථාවකදී හෝ නොසැලෙන ස්‌ථාවරයක්‌ ගත්තාය. එවක දෙමළ කොටි සංවිධානය හා ඉන්දියානු සාම සාධක හමුදාව අතර පැවති සන්නද්ධ ගැටුම උපරිම තැනකට පත්ව තිබූ අතර මොනව ආකාරයේ හෝ විසම්මුතියකට ඉඩක්‌ තිබුණේ නැත. මුලදී එල්. ටී. ටී. ඊ. ය සමග සම්බන්ධතා පැවැත්වු ඇය සටන් ඇරඹීමට පෙර දෙමළ කොටි සටන්කාමීන්ට ප්‍රතිකාර කළාය. එවිට ඔවුන් කුඩා සන්නද්ධ කණ්‌ඩායමකි. කාලය වෙනස්‌ විය. වෛද්‍ය පීඨයේ වැඩ නිම කොට ආපසු නිවස කරා යමින් සිටි ඇය, ආ මග රැක සිටි ඝාතකයෝ 1989 සැප්තැම්බර් 21 වන දින සවස 4.00 ට පමණ යාපනයේ කොකුවිල් හි තම නිවස අසලදී වෙඩි තබා මරා දැමූහ. ඇය පසු පස ආ ඔවුහු ඇගේ නම කියා කතා කළහ. බයිසිකලයේ සිටගෙනම ඇය ආපසු හැරී බැළුවාය. තුවක්‌කුකරුවන් තම හිසට පිස්‌තෝලයක්‌ එල්ල කර ගෙන සිටින බව දුටු ඇය ඉන් මිදීමට තම අතින් හිස ආවරණය කර ගත් බව ඇසින් දුටුවෝ කීහ. ඔවුන් ගේ උණ්‌ඩවලින් බේරීමට තම දෑත් පමණක්‌ ඇති මෙම ගැහැනිය කෙරේ එම ඝාතකයන් දැක්‌ වූයේa ඉමහත් කුරිරු බවකි. බිම වැටුණු පසු පවා ඇයගේ හිසට තවත් වෙඩි දෙකක්‌ තැබුවේ ඇය මළ බව හොඳින් තහවුරු කර ගැනීමටය. ඔවුන් කෙරේ අනුකම්පා කළ තම දෑතීන් ඔවුන්ගේ තුවාල වලට ප්‍රතිකාර කළ මෙම ගැහැනියට ඔවුන් කිසිම කරුණාවක්‌ දැක්‌වූයේ නැත. වෙඩි හඬින් බියට පත් අසල නිවසේ සිටි දියණියන් දෙදෙනා මිය ගියේ කව්දැයි නොදත්හ.
මෙම විස්‌තරයේ අරමුණ වන්නේ පෙර නොවු විරූ අයුරින් දශක ගණනාවක්‌ පැවති දේශපාලන කැළඹීමක හුදෙක්‌ නිරීක්‍ෂකයන් වීමට අදහස්‌ නොකළ තරුණ පවුලක්‌ වශයෙන් අප මුහුණ දුන් ජීවිතය දෙදරා ගිය අත්දැකීම් පිළිබඳව පුද්ගලික ආවර්ජනයක්‌ හා විග්‍රහයක්‌ කිරීමය. එය මුළු රටම වෙළා ගත් පුළුල් දේශපාලන ක්‍රියාවලියකට සාපේක්‍ෂකව එකට බැඳුණු පුද්ගලයන් දෙදෙනකුගේ සම්බන්ධතාවයේ දේශපාලන ගමන් මග සලකුණු කිරීමේ උත්සාහයකි.
මට රාජනි මුණ ගැසුණේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය අරගල වේගයෙන් පැතිර යමින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර සටන්කාමී ක්‍රියාකාරිත්වයන් නැවත පණ ගැන්වී තිබුණු 1976 සැප්තැම්බර් මාසයේදීය. ඒ දිනවල අහිංසක ශිෂ්‍යයෙක්‌ වූ වීරසූරිය පොලිස්‌ වෙඩි පහරකින් මිය ගොස්‌ තිබූ අතර මෙවැනි කුරිරුකම්වලට එරෙහිව ශිෂ්‍ය සටන්කාමීත්වය වැඩෙමින් තිබිණ. ඒ අසාමාන්‍ය කාල පරිච්ඡේදයකි. රටේ පැවති දේශපාලන නොසන්සුන්තාව අපේ ජීවිත වෙනස්‌ කළ අතර අපේ ජීවිතද ඉතා සුළු ප්‍රමාණයකින් හෝ රටේ දේශපාලන ගමන් මග තීරණාත්මකව වෙනස්‌ කරමින් තිබිණ. මා 1976 දී දීර්ඝ කාලයක්‌ සිරගතව සිට දෙවන වරට හිරෙන් නිදහස්‌ වුවා පමණි. ක්‍රිස්‌තියානි ආගමික පසුබිමකින් හා රැඩිකල් දේශපාලන චින්තනයකින් යුත් දෙමළ කාන්තාවක්‌ වූ රාජනි යුක්‌තිය හා සාධාරණත්වය සඳහා වූ පිපාසාවත් දෙමළ ජනතාවට එරෙහිව වෙනස්‌ කොට සැලකීමේ හා ප්‍රචණ්‌ඩත්වයේ සලකුණක්‌ වූ මර්දනකාරී රාජ්‍ය යන්ත්‍රයට එරෙහිවත් කොළඹ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයන් පෙළ ගැසීමට පටන් ගත්තා පමණි. මා ඒ වන විට විශ්ව විද්‍යාලයක ආචාර්යවරයෙක්‌ වුවා පමණි. අපගේ සම්බන්ධතාව තර වෙත්ම අපගේ ජීවිතත් ඒ වන විට නූපන් දරුවන්ගේ ජීවිතත් සහමුලින්ම වෙනස්‌ වන බව පෙනිණ. අප විවාහ වූයේ කොළඹ දෙමළ කලකෝලාහල පැතිර ගිය 1977 අගෝස්‌තු 28 වන දින නිහඬවය. එදින රාත්‍රියේ අප නැවතී සිටියේ මගේ සිංහල මිතුරියකගේ නිවසේය. කලින් දින රාත්‍රියේ එම ප්‍රදේශයේ දෙමළ පවුල් කීපයකටම පහරදී තිබුණ නිසා මගේ මිතුරියගේ පියා රෑ පහන් කළේ පතුරොම් තුවක්‌කුවක්‌ අතේ ඇතිවය. මෙම විවාහයෙන් එක්‌ වූයේ වාර්ගිකව, සමාජයීය දේශපාලනකිව හා සංස්‌කෘතිමය වශයෙන් වෙනස්‌ වු මානව අවබෝධයෙන් හා ඒ දිනවල නොසෙල්විය හැකියෑයි සිතු ගැඹුරු ආදරයෙන් පිරි පුද්ගලයන් දෙදෙනෙකුය. මට ඇති ආදරය මුහුදක්‌ මෙන් ගැඹුරු යෑයි වරක්‌ ඇය මට ලීවාය. මෙම සියලු වෙනස්‌කම් තිබියදීත් ඒ සියලු සංකීර්ණතා මැද ජන වර්ග දෙක බෙදුම්කාරී යුද්ධයක යෙදී සිටියදී. සුළුතරය වන දෙමළ ජනතාව ඉන් බැට කමින් සිටියදී අපේ විවාහය ආරක්‍ෂා වීම අතිශයින්ම සිත් ගත් කරුණකි. සිංහල හා දෙමළ ජනප්‍රිය සංස්‌කෘතීන් දෙකම එකිනෙකා සමග සටන්වැද සිටි අතර සිහලුන් සිතුවේ තමන් අනෙකාට වඩා උසස්‌ සේය.
අපගේ වාර්ගික වෙනස්‌කම් ආරම්භයේදීම වෙනස්‌ කළ නොහැකි සේ පෙනුනේ පංච මහා බලවේගයේත් (සඟ ගුරු වෙද, ගොවි කම්කරු) 1956 උරුමයේත් පරම්පරාව වන 1956 සිංහල බෞද්ධ සමාජ සංචලතාවයේ කොටස්‌කරුවන්වූ මගේ දෙමාපියන්ගෙන් ලත් උරුමය නිසාය. දෙමල ප්‍රජාව හා ඔවුන්ගේ ගැටලු ගැන කිසිම අවබෝධයක්‌ නැති තරුණයන් වූ අපගේ චින්තනය හා දේශපාලන දැක්‌ම හැඩ ගැසුණේ එම මතවාදයෙනි. තරුණ වෛද්‍ය ශිෂ්‍යාවක්‌ ලෙස රාජනි ග්‍රහණය කර ගැනීමට උත්සාහ කළ දේශපාලන ගැටලු ශ්‍රී ලංකාවේ සුළුතරයට වෙනස්‌ කොට සැලකූ 56 පරම්පරාවෙන් පැවත එන සිංහල තරුණයන්ගේ මතවාදය හා දේශපාලන හැඩ ගැස්‌ම නිසා වඩ වඩාත් පාලනයෙන් ගිලිහිණ. මෙය ජනතා විමුක්‌ති පෙරමුණට 60 දශකයේ අගභාගයේ ආරම්භ කොට 70 හා 80 දශකය දක්‌වා විහිදුණු සිංහලවාදී දේශපාලන ව්‍යාපෘතිය ගොඩ නැගීමට රුකුලක්‌ විය. සිංහල ප්‍රදේශ වල හා කොළඹ අධ්‍යාපනය හා වැඩ කළ රාජනී මෙම දේශපාලන ප්‍රවනතාව තේරුම් ගත්තාය. ජ. වි. පෙ. සිංහලවාදී ව්‍යාපෘතිය දෙමළ ජනතාවට විසඳා ගත යුතු සුවිශේෂී ප්‍රජාතන්ත්‍රීය හා දේශපාලන දුක්‌ගැනවිලි පවතින බව පිළි නොගත් නිසා දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ඔවුන් විසින්ම කළ යුතුයෑයි පෙන්නුම් කෙරිණ. දකුණේ සිංහලයන්ගේ මෙවැනි දේශපාලන ප්‍රතික්‌ෂේප කිරීම් රාජනි වැනි අය දෙමළ ප්‍රජාවේ සටන්කාමී සංවිධාන වෙත යැමට පෙළඹවීය.
සමාජයීය වශයෙන් අප වෙනස්‌ වු පංති දෙකකට අයත් වූවන්ය. රාජනි යාපනයේ මධ්‍යම පංතික පරපුරකින් පැවත ආවාය. දකුණේ දුප්පත් ගොවි පවුලකින් පැවත ආ මට ජීවිතයේ එකම විවරය වූයේ අධ්‍යාපනය පමණි. ළමා කාලයේ මා පාසලට ගියේ සැතපුම් ගණන් පයින් ඇවිදගෙනය. මගේ ළමා කාලයේ දරිද්‍රතාවයත් අසරණ කමත් රාජනිට කෙතරම් වේදනාවක්‌ විය හැකිද යත් එක්‌තරා දුරකට හැර කිසි විටෙකත් මම මගේ අතීතය ඇයට නොකීමට ඉටා ගතිමි. එහෙත් රාජනිට කිසි විටෙකත් මගේ සමාජ පසුබිම ඇගේ මධ්‍යම පන්තිය හා ගැටලුවක්‌ කර නොගත්තාය. මගේ ගති පැවතුම් ඔවුන්ගේ මධ්‍යම පාන්තික මති මතාන්තරවලට නොගැලපීම ඇගේ පවුලේ සාමාජිකයන්ගේ හා ඉන් බැහැර අයගේ අවධානයට ලක්‌වු හැම විටම ඇය මගේ ආරක්‍ෂාවට ඉදිරිපත් වූවාය.
අප දේශපාලන වශයෙන් වෙනස්‌ වු නිසා එය එදිනෙදා ජීවිතයටද බලපෑ හෙයින් වෙනස්‌කම් අපගේ විවාහයත් අනතුරකට ලක්‌ කෙළේය. මා මාක්‌ස්‌-ලෙනින් මාවෝවාදි දේශපාලන න්‍යාය පත්‍රය ආගමක්‌ මෙන් ඇදහූ අතර ඇයට වෙනත් රටවල සාර්ථක වු විප්ලවයේ අත්දැකීම් සමාජ සාධාරණත්වයේ ප්‍රායෝගික නිදසුන් ලෙස ශ්‍රී ලංකාව යොදා ගැනීමට අවශ්‍ය විය. රාජනි තම දේශපාලන ගමන් මගේදී දෙමළ කොටි සංවිධානයට ළං කෙළේ මෙම ප්‍රායෝගිකත්වයයි. ඒ ආකාරයටම ප්‍රායෝගිකත්වය කෙරේ වූ ඇයගේ බැඳීම ඇය කොටි සංවිධානයෙන් ඉවත් වු පස තම ශක්‌තිය හා හැඟීම් මානව අයිතිවාසිකම් ව්‍යාපාරයකට හරවා ගැනීමටද ඉවහල් විය.
මා හිරෙන් නිදහස්‌ වු අලුතම රාජනි මුණ ගැසුණු විට හිර ගෙදරදී වද හිංසාවට ලක්‌වීමෙන් ලත් තුවාල කැළැල් ඇඟ හැම තැනම විය. සම්බන්ධතාවක්‌ ඇති කිරීම පසෙක තබා මට ජීවත් වීමට අවස්‌ථාවක්‌ හෝ ලැබෙනු ඇතැයි හිරගෙදර දී මම නොසිතුවෙමි. ඇයගේ මධ්‍යම පාන්තික ජීවිතය හා අපේක්‍ෂාවන්ට හාත්පසින්ම වෙනස්‌ වු සමාජ හා දේශපාලන පසුබිමකින් යුත් මා පිළිගැනීමේදී ඒ සියල්ල අමතක කිරීමෙන් සුවිශේෂී ධෛර්යක්‌ ප්‍රදර්ශනය කළාය. ඇයට ඇගේ පවුල සමග සටන් කිරීමට සිදු විය. කිසියම් දිනක මට ඇය අතහැර මගේ දේශපාලන වගකීම් ඉටු කිරීමට යැමට සිදු වන බව රාජනි දැන සිටියාය. මම පවුලෙන් පිටව ගිය පසු නැවත මුණ නොගැසෙන බවද ඇය දැන සිටියාය. ගැඹුරු වෙනස්‌කම්වලට ලක්‌වූ මගේ පරම්පරාවේ සිතුම් පැතුම් අනුව අපගේ පුද්ගලික වුවමනාවන් හා අපේක්‍ෂාවන් දේශපාලන සාධාරණත්වයට හා දුප්පතුන්ගේ විමුක්‌තියට කැප කළ යුතුය. ගැඹුරු පවුල් බැඳීමකින් යුත් අපට අපමණ දුක්‌ ගැහැට විඳ ඇති දැඩි කළ අපගේ දෙමාපියන්ට කෘතගුණ සැලකීමේ අවශ්‍යතාවද තිබිණ. මෙම හැඟීම් හා යුතුකම් යටපත් කර ගත්තේ සන්නද්ධ විප්ලවයකින් පසු බිහි වන නව සමාජයෙන් සදහටම සාධාරණත්වය ඉටු වේය යන බලාපොරොත්තුවෙනි. මා නොමැතිව අපේ ළමයින් සමග ගතකරන ජීවිතයක්‌ පිළිගත් රාජනි හුදකලාවම ඔවුන් හදා වඩා ගැනීමේ අධිෂ්ඨානය පළ කළාය. අප මත වු බලපෑම් නිසා අපගේ අපේක්‍ෂා කැප කොට සම්ප්‍රදායික භූමිකා ඉවත දැමීමට සිදු වූ විට මෙම අදහස තවදුරටත් පවත්වා ගත නොහැකි විය. රාජනි කළේ එයයි. අප නොමැති වුවත් අපගේ ළමයින් අනෙකුත් අය, විශේෂයෙන්ම අපේ සහෝදරයන් රැක බලා ගනු ඇතැයි එකල බලාපොරොත්තු වූයෙමු.
1983 ජාතිවාදි කලකෝලාහල සෑම දෙමළ ජාතිකයෙක්‌ කෙරේම පෙර නොවූ විරූ බලපෑමක්‌ ඇති කළේය. ආත්ම ගරුත්වයක්‌ ඇතිව ජීවත්වීම අසීරු විය. එක්‌කෝ ඔබ අසමාන තත්ත්වය පිළිගෙන නිහඬව සිටිය යුතුය. නැතිනම් සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන් කළ යුතුය. දෙමළ ජනතාවට වෙනත් මගක්‌ දක්‌නට නොතිබිණ. එහෙත් සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ගත යුතු මග ගැන ඒ වන විටත් රාජිනිට නිරවුල් අවබෝධයක්‌ නොතිබිණි. මේ ගැන මට වූයේ පැහැදිලි අදහසකි. එකඟ විය නොහැකි අවස්‌ථාවක ඉවත් වී යැමට ඉඩක්‌ නොමැති දේශපාලන සංවිධානයකට එක්‌වීමට මා කිසි විට කැමති වූයේ නැත. මෙවැනි අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක්‌ නොමැතිව ආයුධ ගන්නා සංවිධානයකට එක්‌වීම භයානක කටයුත්තකි. ඊට අමතරව තරුණ අපගේ දේශපාලන සිතුවිලිවලට ප්‍රමාණවත්ව ඇතුළු නොවු තවත් වැදගත් කාරණයක්‌ද විය. නාමික වශයෙන් හෝ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක්‌ පවතින විට සන්නද්ධ අරගලවලට මුහුණ දීමට හැකියාවක්‌ ද සටන්කරුවන් පරාජය කිරීමේ දේශපාලන අවකාශයක්‌ද නිර්මාණය කිරීමේ නම්‍යතාවයක්‌ පවතී. ශ්‍රී ලංකාවේ දේශපාලන අවකාශය සම්පුර්ණයෙන්ම වැසී තිබුණේ නැත. හදිසි වූ අපට ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ දේශපාලන අවකාශය සම්පූර්ණයෙන්ම යොදා ගැනීමට හැකි වූයේ නැත. 1971 හා 1987-89 ජ. වි. පෙ. සන්නද්ධ කැරැල්ලේ අසාර්ථක වීමත් දෙමළ කොටි සංවිධානය මෑතක සන්නද්ධ වශයෙන් පරාජය වීමත් ඔවුන්ගේ සංවිධානාත්මක හා ව්‍යqහාත්මක දුර්වලකම්වලට අමතරව දැකිය යුත්තේ මෙවැනි පසුබිමක්‌ යටතේය.
රාජනිගේ ප්‍රායෝගික මනස හා කරුණාව නිසා ඇය දෙමළ කොටි සංවිධානයේ දේශපාලන ව්‍යාපෘතියට ඇදී ගියාය. පොදු රාජ්‍ය මණ්‌ඩල ශිෂ්‍යත්වයක්‌ යටතේ 1983 දී එංගලන්තයට ගිය රාජනි 1984 දී ලන්ඩනයේ කොටි සංවිධානයට එක්‌ වූවාය. මම 1984 මැයි මාසයේදී ලන්ඩනයට ගොස්‌ ඇය මුණ ගැසුණෙමි. ඉතාමත් වේදනාත්මක හා පුළුල් සාකච්ඡාවකින් පසු අපේ දූවරුන් දෙදෙනාට ඇති පෞද්ගලික වගකීම හැර අපගේ විවාහය තවදුරටත් පවත්වාගෙන යැමේ අවකාශයක්‌ නැති බව පෙනිණ. වෙන්වීමට තීරණය කිරීමෙන් පසු මම ආපසු කොළඹට ආවෙමි. රාජනි සටන්කාමී දෙමළ කොටි සංවිධානයේ නොසැලෙන සාමාජිකාවක්‌ සේ සිටියාය. වරෙක නොසැලෙන සේ පෙනුන අපගේ සම්බන්ධතාව යුද්ධයක්‌ පවතින විට මෙවැනි වෙනස්‌ දේශපාලන මත වෙනස්‌කම් සමග පවත්වාගෙන ගෙන යැමේ මාර්ගයක්‌ද නොවීය. අප එකට එක්‌ කළ ගැඹුරු ප්‍රේමය දේශපාලන වෙනස්‌කම් මත සදහටම ඈත් වූවා සේය. රාජිනි බෙහෙවින් දුක්‌ වූ නමුත් ඇයගේ දේශපාලන පක්‌ෂපාතිත්වය අපගේ සම්බන්ධතාවට තිබු පක්‍ෂපාතිත්වය ඉක්‌මවා ගියේය. අපගේ දේශපාලන හා පෞද්ගලික වෙනස්‌කම් විසඳා ගත නොහැකි වු නිසා අපි වෙනස්‌ ගමන් මං වල යැමට තීරණය කෙළෙමු. අපගේ අකර්මණ්‍ය වූ සම්බන්ධතාවයේ වෙනස්‌කම් තුළ ඊටම සුවිශේෂී ගතිකත්වයක්‌ තිබිණ.
මා කොළඹට පැමිණ මාස කීපයකට පසු රාජනි කොටි සංවිධානයෙන් අස්‌ වූවාය. මෙම ප්‍රවෘත්තිය මට හෙළි කළ ඇය අපගේ සම්බන්ධතාව තවමත් පැරණි ප්‍රේමය තරම්ම ප්‍රබලව පවතින බවද කීවාය. රාජනි අපගේ වෙන්වීම පිළිගත්තේ මෙසේය. මගේ ජීවිතයේ සියලු දුක්‌ කම්කටොලු වලදී මහමෙරක්‌ සේ නොසෙල්වී මා සමග සිටි ඔබට මම කුරිරු වූයෙමි. “හැම විටම විවෘත වූ රාජනී අවංකය. එහෙත් අපේ සම්බන්ධතාව නැවතත් පෙර තත්ත්වයට පත්වේද යන්න ගැන සහතිකයක්‌ තිබුණේ නැත. මම මගේ ගමන ගියෙමි. මේ කාලයේදී දේශපාලන මර්දනය දැඩි වූ නිසා මම තරමක නිහඬතාවක්‌ පවත්වා ගතිමි. තම ආචාර්ය උපාධිය නිම කළ රාජනි නැවතත් ඇය ඇලුම් කළ නිවසට හා යාපනයේ ජනතාව වෙත සමීපව සිටීමට හා තම වැඩ කටයුතු පටන් ගැනීමට යාපනය විශ්වවිද්‍යාලයට පැමිණෙනු ඇත.
රාජනි නැවත යාපනයට පැමිණියේ 1986 දීය. ඇය වෛද්‍ය පීඨයේ ව්‍යවඡේද දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානියා වූවාය. ඇයගේ දේශපාලන පරිණාමය වඩාත් කැපී පෙනෙන සුළු විය. මානව අයිතිවාසිකම් ක්‍රියාකාරිණියක්‌ ලෙස ගොඩ නැගුණ ඇයගේ ස්‌ත්‍රීවාදී දැක්‌ම ඇගේ දේශපාලනයේ නව පැතිමානයක්‌ වූ අතර යාපනයේ ජනතාවගේ දේශපාලන න්‍යාය පත්‍රයේ නව ආරක මුල පිරීමක්‌ද විය. ඇය තුවක්‌කුවේ පාලනයට එරෙහිව නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නොපසුබස්‌නා උද්ඝෝෂිකාවක්‌ වූවාය. ඇය තවත් ශාස්‌ත්‍රඥයන් තිදෙනෙකු සමග මානව හිමිකම් සඳහා වු විශ්ව විද්‍යාල ආචාර්යවරු (ඹශ්‍යRJ) ගොඩනැගීමට පියවර ගත්තාය. එය ඉන්දියන් සාම සාධක හමුදාවේ මෙන්ම සටන්කාමීන්ගේ කෝපයටත් වෛරයටත් හේතු විය. රාජනි සහ අනෙක්‌ අය ගැටුමේ සියලු පාර්ශ්වයන් සිදු කළ මානව අයිතිවාසිකම් කඩ කිරීම් වාර්තා කළහ. මිනිස්‌ ජීවිතය කෙතරම් අගනේද යත් දේශපාලන හේතු මත කිසිම ජීවිතයක්‌ විනාශ නොකළ යුතුයෑයි ඇය තරයේ විශ්වාස කළාය. අසරණ ස්‌ත්‍රීන් සඳහා නවාතැනක්‌ වූ “පුරනි” ගොඩ නැගීමටත් පවත්වා ගෙන යැමටත් ඇය උනන්දුවෙන් දායක වූවාය. සෑම කෙනෙකුටම බරපතල තර්ජනයක්‌ එල්ල වූ පරිසරයක්‌ පැවති ඒ කාලයේ ඇය සෙනෙහබර මවක්‌, පසුබට නොව ක්‍රියාකාරිණියක්‌ හා බුහුමන් ලද ශාස්‌ත්‍රඥයෙකු ද වූවාය.
රාජනි වරින් වර දරුවන් සමග කොළඹට පැමිණ මා හමු වූයේ ඔවුන්ට තාත්තා අමතක නොවනු සඳහා විය හැක. මේ කාලයේ ඇය යූ ටී එච් ආර් හි අනෙකුත් අය සමග එක්‌ව බිඳුණු තල්රුක ලිවීමට පටන් ගත්තාය. එය, ඇය එල්ටීටීඊයේ නිසැක ඉලක්‌කයක්‌ බවට පත් වීමට හේතුවිය. එහි පිටපත කියවු මට එය ප්‍රකාශ කළ හොත් ප්‍රතිඵලය කුමක්‌ විය  හැකිදැයි සැකයක්‌ තිබුණේ නැත. ප්‍රවේසම් වන ලෙස ඇයට උපදෙස්‌ දුන් මා එම කෘතිය මුද්‍රණයෙන් පළ කළ හොත් එල් ටී. ටී ඊය ඇය ඉතිරි නොකරන බවද කීවෙමි. ඊට එකඟ වු නමුත් තීරණය ගත යුත්තේ යු. ටී. එච්. ආර් බව ඇය කීවාය. එම කෘතිය පළ කිරීමටත් පෙර ඇය වෙඩි තබා මරා දැමිණ. එය පළ කිරීමට සූදානම් වන බව කොටි සංවිධානය දැන සිටියේය.
මෙම ව්‍යාපාරය දිගටම ගෙන යන විට තම ජීවිතය අනතුරට ලක්‌විය හැකි බව රාජනි පැහැදිලිවම දැන සිටියත් තම ක්‍රියාකාරකම් අඩු කිරීමට හෝ කළ යුතුයෑයි ඇයට හැඟුණ දේ නතර කිරීමට හෝ අදහස්‌ නොකළාය. දෙමළ සටන්කාමීත්වයේ දුෂ්කර කාල පරිච්ඡේදයේදී ඇයගේ නොපසු බස්‌නා ධෛර්ය හා අධිෂ්ඨානය එවන් විය.
1989 සැප්තැම්බර් 25 වන දින රාජනි නල්ලුර් පවුලේ සුසාන භූමියේදී මිහිදන් කෙරිණ. මගේ දියණියන් දෙදෙනා අතින් අල්ලාගෙන මගේ ජීවිතයේ ඉතාම කටුක, බෙහෙවින් වේදනාත්මක හා දුක්‌බර ගමනක්‌ ගියෙමි. අපගේ පවුලේ ප්‍රීතිමත් දින ඇයත් සමග වැළලිණ. ඇය නැති අපේ පවුල නැවතත් පෙර තිබුණාක්‌ මෙන් නොවීය. අපට ඇයගේ සොහොන බැලීමට වසර විස්‌සක්‌ තිස්‌සේම යා නොහැකි විය. දූවරුන් දෙදෙනාට මව නොමැතිව ගත කළ සෑම දිනයක්‌ම දරා ගත නොහැකි දුකක්‌ විය. ඔවුහු යුද්ධයෙන් තම දෙමාපියන් අහිමි වු ශ්‍රී ලංකාවේ දහස්‌ ගණන් වූ ළමයින්ටම එකතු වූ. උත්ප්‍රාසය වන්නේ අරගලයේදී මිය යැමට සිටියේ රාජනි නොව මා වීමය. දරුවන් රැක බලා ගැනීමේ වගකීම තම කාර්ය ලෙසම ඇය පිළිගත්තාය. එහෙත් සිදු වූයේ සම්පූර්ණයෙන්ම අනෙක්‌ පැත්තය. අපගේ සම්බන්ධතාවයේ ආරම්භයේදී මගේ දේශපාලන ජීවිතය දරුවන් රැක බලා ගැනීමෙන් අවසන් වනු ඇතැයි මම කිසි දිනක බලාපොරොත්තු නොවූයෙමි. ශ්‍රී ලාංකික දේශපාලනයේ මගේ සම්බන්ධතාව මගේ මරණයෙන් යෑයි අවසන් වනු ඇතැයි බලාපොරොත්තු වූයෙමි. එහෙත් එසේ සිදු නොවීය. ඒ වෙනුවට රාජනි දෙමළ ජනතාවගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් ජීවිතය පුද කළ අතර මට සිදු වූයේ දරුවන් රැක බලා ගැනීම සඳහා ජීවත් වීමටය. ඔවුනට නිදහස්‌ව ජීවත් වීමට හැකි වන තෙක්‌ මම ඔවුන් රැක බලා ගතිමි. එහෙත් ප්‍රණාමය හිමි වන්නේ රාජනිටය. මුල් අවදියේදී රාජනි දැමූ සවි ශක්‌තිමත් පදනම නිසා මගේ කාර්ය නිම කළ හැකි විය. මෙය මගේ ළමයින්ට හෝ පවුලට විශේෂිත වූවක්‌ නොවේ. දේශපාලන තත්ත්වයේ විස්‌මය ජනක වෙනස්‌වීම කෙබඳුද යත් එය සන්නද්ධ ක්‍රියාකාරකම් ඇරඹී ඉතා කෙටි කාලයකදී දෙමළ ප්‍රජාවේ එක්‌ එක්‌ පුද්ගලයන්ගේ ජීවිතයට තදින් බලපෑය.
වෙඩි තබා මරා දැමීමට පෙර සැප්තැම්බර් මාසයේ මුල කෙටි සංචාරයකට එංගලන්තයට ගොස්‌ ආපසු පැමිණි රාජනි යාපනයට යැමට පෙර මා හමුවීමට බලාපොරොත්තුවෙන් කොළඹ නැවතී සිටියාය. එහෙත් මට නියමිත වෙලාවට පැමිණිය නොහැකි විය. ඇය කොළඹින් පිට වූයේ බලාපොරොත්තු කඩ වීමෙනි. පිටත්ව යැමට පෙර රාජනි ලන්ඩනයෙන් මට දීමට ගෙනවිත් තිබූ පොතක කවරයේ වැකි කීපයක්‌ ලියා තිබිණ. ඒ ඈ මට ලියූ අවසන් සටහනයි.
මුදු මොළොක්‌ බවින් හා ගැඹුරු ආදරයෙන් මිදී, බකුනින් නිර්මාණය කළ තමන්ගේම වුවමනාවන් නැති, තමන්ගේම අරමුණක්‌ නැති…. පුරුද්දක්‌ නැති, තමන්ගේම කියා දෙයක්‌ නැති, තමන්ටම කියා නමක්‌ හෝ නැති විප්ලවාදියෙකු ගේ ජීවිතයට ළඟා වීමට වෙර දරන
ඔහුට, විනාශයේ හා ඉහ වහා ගිය භීෂණයෙන් පිරි මෙම යුගයේ, දිනා ගත් හෝ අවසානයක්‌ නැති ජයග්‍රහණ නැති මෙම යුගයේ, තම හද තුළින් නැගෙන ආවේගයෙන් හා ආත්මයෙන් දැවෙමින් නැගෙන අධිෂ්ඨානයෙන් යුත් එම මිනිසා වෙනුවෙන් මෙම ගැහැනියට පිදිය හැක්‌කේ නමස්‌කාරයක්‌ පමණක්‌ නම් එය එසේම වේවා.
රාජනි 1989
රාජනි මෙය ලියා යාපනයට ගියාය. ඉන්පසු සැප්තැම්බර් 22 වැනිදා මා කිසි දිනක බලාපොරොත්තු නොවූ පණිවිඩයක්‌ ලැබිණ. ඇගේ මරණයෙන් මාගේ දේශපාලන ජීවිතය අවසන් විය. රාජනිගේ මරණයෙන් අපගේ සම්බන්ධතාව කෙටි කළද අපගේ මතකයන් ජීවිතය පුරාම යන සරු අත්දැකීමක්‌ විය.
කොටි සංවිධානයත් සමග රාජනිගේ දේශපාලන ගමන ආරම්භ වීමෙන් පසු විසම්මුතිය නොඉවසන, විවේචනය නිසා මරණයට පත් කෙරෙන සටන්කාමී සංවිධානවලට මිනිසුන් බැඳෙන්නේ ඇයිද යන ප්‍රශ්නය නැවත නැවත මතු කළේය. මම මේ ප්‍රශ්නය රාජනි සමග නැවත නැවතත් සාකච්ඡා කෙළෙමි. “ෙද්‍ර`හීන්” ඉවත් කිරීම දෙමළ සටන්කාමී සංවිධානවල මෙන් ජ. වි. පෙ. යේද පුරුද්දක්‌ විය. ජ. වි. පෙ හා එල්. ටී. ටී. ඊ. ය යන දෙකොටසම තම දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කළහ. කිසිම දයාවක්‌ නැති සමහර මිනී මැරීම් සිත්පිත් නැති කුරිරු භාවයක්‌ දැක්‌වීය.
ඕණෑම වගකිවයුතු දේශපාලන සංවිධානයක්‌ තම විවේචකයන් මරා දමන්නේ ඇයිද යන්න ජනතාවට පැහැදිලි කිරීමේ වගකීමෙන් බැඳී සිටී. මෙතෙක්‌ එය කිරීමට අපොහොසත් වූ ජ. වි. පෙ. කුරිරු ඝාතන සිදු කොට වසර ගණනාවක්‌ ගෙවී ගිය පසු එය කරනු ඇතැයි සිතිය නොහැක. ඉදිරියේදී හෝ එවැනි දේ නැවත සිදු නොකරන බවට ඔවුන් සහතික වන්නේ නැත. 13 වන සංශෝධනය යටතේ දෙමළ ජනතාවට අයිතියක්‌ ලබාදීමට පක්‍ෂපාත වු සිංහලයන් ඔවුහු 1987-89 කාලයේදී මරා දැමූහ. ජ. වි. පෙ. හා කොටි සංවිධානය යන දෙකම තම ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ තහවුරු කිරීමට නම් මේ කරුණ ගැන බරපතල අවධානය යොමු කළ යුතුය. දේශපාලන වශයෙන් විරුද්ධ මත දරන අය සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට ක්‍රියා නොකර ඔවුන් මරා දමන්නේ නම් අනාගතයේදී හෝ තම අත්තනෝමතික බලය ජනතාව මත පැටවීමට සමත් වුවද ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක්‌ නොවනු ඇත. රාජනි ගේ ඝතනයත් ඇගේ දේශපාලන උරුමයත් දක්‌aවන්නේ තුවක්‌කුවේ පාලනය යටතේ මිනිස්‌ නිදහස පාගා දැමීමට උත්සාහ කළද, කිසි විටෙකත් නිහඬ කළ නොහැකි ජනතාව ගේ දේශපාලන ප්‍රතික්‍රියාව තුවක්‌කුවට වඩා ප්‍රබල වන්නේය යන්නයි. එවැනි වීරෝදාර ගැහැනියක්‌ වීම ගැන මම රාජනිට ආචාර කරමි. රාජනි 1987 දී එංගලන්තයේ සිට ආපසු යාපනයට යැමට සූදානම් වන විට එහි පැවති යුදමය අනාරක්‍ෂිත වාතාවරණය යටතේ බොහෝ වෘත්තීයවේදීන් යාපනය හැර දා යන බැවින් එහි නොයන ලෙස ඇගේ පවුලේ අය මෙන්ම මිතුරන් අවවාද කළ තම ප්‍රජාවට සේවය කිරීමට ආපසු යා යුතු බව ඇය තරයේ කියා සිටියාය. 1989 දී ද නැවත වරක්‌ එම අවවාදයට සවන් දීම ඇය ප්‍රතික්‌ෂේප කළාය.
රාජිනිගේ ඝාතනයත් සමග දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය දුර්වල විය. ඉදිරි කාලයේදී දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය පැසුණු, වගකිවයුතු හා ශක්‌තිමත් දේශපාලන බලවේගයක්‌ වීමට නම් ඇයගේ මරණයට වගකිවයුත්තන් තම දේශපාලන වැරැද්ද පිළිගත යුතුය. ඒ ඇගේ ඝාතනය, දෙමළ ප්‍රජාව තුළ ඉමහත් දේශපාලන රික්‌තයක්‌ බිහි කරමින් පීලි පැන ගිය දෙමළ සටන්කාමිත්වය දේශපාලන අසංවර, අත්තනෝමතික හා නොමිනිස්‌ ස්‌වභාවය සංකේතවත් කරන හෙයිනි.
රාජනි ඝාතනය කළද ඇය පෙනී සිටි දේශපාලන අදහස්‌ කිසි දිනක යටපත් නොවනු ඇත. ඇය බිඳුණු තල්රුක තුළින් ගොඩ නැගූ හා විග්‍රහ කළ ජනතා හිතවාදී දේශපාලනය දෙමළ ජනතාවගේ විමුක්‌තියේ නාමයෙන් කුරිරු යුද යන්ත්‍රයක්‌ බවට පත්ව ඒකාධිපතිත්වයක්‌ ගොඩ නැගීමට සිත් පිත් නැතිව ජනතාව යොදා ගත් දෙමළ සටන්කාමිත්වය ගැන ප්‍රබල විවේචනයක්‌ විය.
දෙමළ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට ජීවිතයේ සෑම ක්‌ෂේත්‍රයකම තම අයිතීන් හා නිදහස තහවුරු කෙරෙන ජනතාවාදී ව්‍යqහයන් අවශ්‍යය. එම ව්‍යqහය දූෂිත දේශපාලනයට හා තුවක්‌කුවේ පාලනයට එරෙහිව ශක්‌තිමත් විය යුතුය.
රාජනි තිරාණගම ඝාතනයේ  නිවස කරා යමින් සිටි ඇය, ආ මග රැක සිටි ඝාතකයෝ 1989 සැප්තැම්බර් 21 වන දින සවස 4.00 ට පමණ යාපනයේ කොකුවිල් හි තම නිවස අසලදී වෙඩි තබා මරා දැමූහ. ඇය පසු පස ආ ඔවුහු ඇගේ නම කියා කතා කළහ. බයිසිකලයේ සිටගෙනම ඇය ආපසු හැරී බැළුවාය. තුවක්‌කුකරුවන් තම හිසට පිස්‌තෝලයක්‌ එල්ල කර ගෙන සිටින බව දුටු ඇය ඉන් මිදීමට තම අතින් හිස ආවරණය කර ගත් බව ඇසින් දුටුවෝ කීහ. ඔවුන් ගේ උණ්‌ඩවලින් බේරීමට තම දෑත් පමණක්‌ ඇති මෙම ගැහැනිය කෙරේ එම ඝාතකයන් දැක්‌ වූයේa ඉමහත් කුරිරු බවකි. බිම වැටුණු පසු පවා ඇයගේ හිසට තවත් වෙඩි දෙකක්‌ තැබුවේ ඇය මළ බව හොඳින් තහවුරු කර ගැනීමටය.
දයාපාල තිරාණගම
පරිවර්තනය: මහින්ද හත්තක
උපුටාගැනීම: දිවයින ඉරිදා සංග්‍රහය (2009 සැප්තැම්බර් 27 ඉරිදා)
http://www.divaina.com/2009/09/27/feature09.html
Manifesto of the Communist Party (c) marxists.org | ‍කොමියුනිස්ට් ප්‍රකාශනය
<param name="movie" value="http://d1.scribdassets.com/ScribdViewer.swf"><param name="wmode" value="opaque"> <param name="bgcolor" value="#ffffff"> <param name="allowFullScreen" value="true"> <param name="FlashVars" value="document_id=19098361&access_key=key-256phxewzdvcgrr0teln&page=1&viewMode=">
<embed id="scribd_19098361" name="scribd_19098361" src="http://d1.scribdassets.com/ScribdViewer.swf?document_id=19098361&access_key=key-256phxewzdvcgrr0teln&page=1&viewMode=" type="application/x-shockwave-flash" allowfullscreen="true" height="500" width="100%" wmode="opaque" bgcolor="#ffffff"></embed></object>
View this document on Scribd
හෙළදිව: නිෂ්මිගේ පිටුව 09.08.2009
<param name="movie" value="http://d1.scribdassets.com/ScribdViewer.swf"><param name="wmode" value="opaque"> <param name="bgcolor" value="#ffffff"> <param name="allowFullScreen" value="true"> <param name="FlashVars" value="document_id=18574291&access_key=key-25j7vmys5au4pj33o7rl&page=1&viewMode=">
<embed id="scribd_18574291" name="scribd_18574291" src="http://d1.scribdassets.com/ScribdViewer.swf?document_id=18574291&access_key=key-25j7vmys5au4pj33o7rl&page=1&viewMode=" type="application/x-shockwave-flash" allowfullscreen="true" height="500" width="100%" wmode="opaque" bgcolor="#ffffff"></embed></object>
View this document on Scribd
මැයි මහේ කවිය
ගලනා රුහිරු විලසින
මැයි මල් වැටී දිලිසෙන
රණ ගොස නගා මග යන
පෙළ-පෙළ වෙලග සකිසඳ
වෙඩි වැද රුහිරු පෙඟවුණු
රතු ධජ නගා ඇරඹුනු
රතු පෙළපාලි මග අද
කොහි සිට යනුද කොතැනට
බල-බල බලය අයදින
විසිරෙන ඉහඳ නිල මැසි
කෝ – කොද ශුමය වගුරන
පීඩිත සොයුරු පිරිවර
දැවෙනා සහෝදර කැළ
හැර වෙස් මුහුණු බැඳ යන
නෙක නෙක හොරුනි ඔය හඬ
එරෙහිය හෙටක තොපටම
නගුලට – මැසිම් කියතට
වගුරන ඩා මහෝඝෙන
කණපිට ගසනු මිස ලොව
බෑගිරි නගා කුමටද?
- නිලාර් එන්. කාසිම් විසින් ලියන ලදුව 1996 අප්‍රේල්-මැයි ‘දියැස’ සඟරාවේ පල වූවකි.
සිංහල ජනමාධ්‍ය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක්
මෙම ලිපිය ‘දියැස’ 1998 සැප්-ඔක්. කලාපයේ පල වූවකි.
එහි ලියැවී ඇති දෑ අදටද සිහියට ගැනීම වැදගත්ය. එබැවින් අපි එය මෙහි පලකරමු.
අද පවතින යුද්ධයට පසුබිම් වූ හා යුද්ධය තුළ ම වර්ධනය වූ අවසන් දශකය තුළ සිදුවීම් සිංහල ජනමාධ්‍යන් හි වාර්තා වූ ආකාරයේ ඇති ජාතිවාදී හා කුහක පිළිවෙත හෙළිදරව් කිරීමට සිද්ධි වාචික ප්‍රවේශයක් ලෙසින් මෙම කටු සටහන ලියා තබමි. අපි අපේ හෘද සාක්ෂියේ ‍දෝෂාරෝපණයෙන් මිදීමට මෙසේ ලියා තබා අත පිහිදා ගන්නට කරන හීතල උත්සහයන් අතර තුරදී මිනිස් දූවිලි බවට පත් කෙරෙන දැවැන්ත ඛේදවාචකයක් අපෙන් ‘ඈත’ උතුරු නැගෙනහිර දිග හැරෙමින් පවතී. මෙහි දක්වා ඇති තෝරා ගත් සිද්ධි කීපයේ අපට වාර්තා නොවූ පසුබිම් ප්‍රවෘත්තිය බොහෝ සිදුවීම් වල පොදු සාරාංශයක් ලෙස ද මම අදහමි.
1.
මීට දශකයකටත් පෙර (1998 න් දශකයකටත් පෙර) ත්‍රීකුණාමලයේ හෝ වැලිඔය දී සාම්ප්‍රදායික දෙමළ ගම්මානවලින් පවුල් පිටින් පන්නා දමා, දකුණේ සිරගෙවල් තුළ සිටි සිංහල සිවිල් අපරාධකරුවන්ට පොදු සමාවක්  දී එම ගම්මානවල පදිංචි කොට (ඔවුන් දැන සිටි කර්මාන්තයක් නොමැති විට) අවට දෙමළ ගම්මාන වලින් ම මංකොල්ලකන්නට ද පසුබිම සකසා ලූ නිධාන කථාව නොසලකා හැර සියල්ලේ අවසන් ඵලය වූ කෙන්ට් ෆාම් හා ඩොලර් ෆාම් නම් වූ ගම්මාන වෙත එල්ල වූ එල්.ටී.ටී.ඊ. ප්‍රහාරය පමණක් වියුක්ත කොට දැක්වීම.
2.
ආණ්ඩුවේ හමුවදාව විසින් වැල්වැටිතුරෙයි දී දෙමළ ගම්මානයකට පහර දී සිවිල් වැසියන් සියයක් පමණ මරා දැමූ පසුබිම් කථාව නොමැතිව ඊට පලි ගැනීම වශයෙන් එල්.ටී.ටී.ඊ ය අනුරාධපුර පූජා භූමියට එල්ල කළ ප්‍රහාරය පමණක් සිංහල සමාජයට සන්නිවේදනය කිරීම.
3.
උතුරේ නවාලි පල්ලියේ වූ අනාථ කදවුරට ගුවනින් එල්ල කළ ප්‍රහාරයෙන් එහි සිටි දමිළ ළමුන් හා මවුවර‍ෙුන් 224 ක් ඝාතනය කිරීමේ සිද්ධිය අමතක කොට මහනුවර දළදාවට පහරදීම පමණක් වාර්තා කිරීම.
4.
අගනුවර දී එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයෙන් මියගිය සිංහල සිවිල් වැසියන් පිළිබඳව පමණක් කම්පා වී, ගුවන් හමුදාවේ Y8 යානය බිම හෙළන තුරු එමඟින් උතුරට බැරල් බෝම්බ 13200 ක් හෙලූ බවත් ජීවිතාරක්ෂාව පතා අනාරක්ෂිතව මුහුදු යාත්‍රාවලින් ඉන්දියාව බලා පලා යත්දී නාවික හමුදා ප්‍රහාරයන්ගෙන් හා මුහුදු කුණාටු වලින් ජීවිත අහිමි වූ දහස් ගණනක් දෙමළ වැසියන් ගේ ඛේදවාචකය සිංහල සමාජය නොදන්නා බව වාර්තා නොවීම.
අවසන් විග්‍රහයේ දී, ගෞරවනීය පුරවැසිනයෙකු ලෙස මේ පොළොවේ ජීවත්වීමට දෙමළ ජනයාට ඇති අයිතිය නොපිළිගැනීම හා ඒ වෙනුවෙන් ඔවුන් ප්‍රථමයෙන් කල සාමාකාමී හා ගාන්ධිවාදී  උද්ඝෝෂණ එවකට පැවැති ආණ‍්ඩු හා ජාතිවාදඛීන් විසින් පොඩි පට්ටම් කරනු ලැබීමේ අනිවාර්්‍ය ඵලය ලෙසින් මේ සමස්තය ඊයේත්, අදත්, හෙටත් අපි අත් විඳිමු.
p-39
තාරක වරාපිටිය
‘දියැස’ සඟරාව / 1998 සැප්තැම්බර්-ඔක්තෝබර් කලාපය
සමකය :: මළ මිනිසුන් ගැන නොමළ ඇත්තක්
ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජික නන්දන බාලගේ අපේ‍්‍රල් 05 වෙනිදා රාති‍්‍රයේ ගම්පහ කළගෙඩිහේනේදී වෙඩි තබා ඝාතනය කෙරිණ. ගම්පහ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ ට්‍රොලියක් මත උඩුකුරුව වැතිර සිටි තුරුණු විය පියමන් කළ මිනිසෙකුගේ ලේ වැකි අඩවන් ඇස් කෙවෙණි යට දහතුන් අවුරුද්දක දුෂ්කර පූර්ණ කාලීන දේශපාලන දිවියේ නොතිත් විඩාව ඇතැම් විට සැඟව තිබුණා විය හැක. සැහැසි රාජ්‍ය මර්දනයේ කටු සැමිටියෙන් තලා දැමුණු අපේ‍්‍රල් විරුවන් තිස් අට වෙනි වතාවටත් සැමරූ ජවිපෙ සාමාජික සෙනඟ අපේ‍්‍රල් 08 වෙනිදා යළිත් ලිප්ටන් වටරවුම අවුරා නන්දන බාලගේ ඝාතනයට විරෝධය පෑහ. ඝාතනයේ වගකීම පිළිබඳ චෝදනාවෙන් පහර කෑ ජාතික නිදහස් පෙරමුණේ පියසිරි විජේනායක, ‘කැබ් රිය ජානිපෙ වුවද, වෙඩික්කරු ජවිපෙ’ බවට ඒත්තු ගැන්වීමට ඉමහත් වෙහෙසක් ගෙන තිබිණ. ඔප්පු කරගන්නට හැකි වෙතොත්, එයත් බූකර් සම්මානයෙන් පිදිය යුතු තරමේ රමණීය ප‍්‍රබන්ධයක් වනවාට සැක නැත.
09 වෙනිදා මහනුවරට රැුස් වූ අවමඟුල් සෙනඟ ඇමතූ ජවිපෙ නායකයා මෙසේ කීවේය: ‘‘මේ වෙලාවේදී ආරක්‍ෂක හමුදා හා පොලිසිය කොටි පරාජය කරමින් ඉන්නවා. මේ ඝාතනය හරහා පෙනෙන්නේ එසේ පරාජය කරමින් තිබෙන ත‍්‍රස්තවාදය වෙනුවට වෙනත් ත‍්‍රස්තවාදයක් ස්ථාපිත කිරීමද යන ප‍්‍රශ්නය අපට නැෙඟනවා. මේ යන්නේ කොතැනටද? මේ ගමන කෙළවර වන්නේ කෲර ආඥාදායකත්වයකින්ද?…මේ ඝාතනය කළේ ආරක්‍ෂක අමාත්‍යාංශය නිකුත් කළ අවියකින් නිසා ඝාතකයින් නීතිය හමුවට පමුණුවන්න ආණ්ඩුවට ලොකු වගකීමක් තිබෙනවා.’’
නමුත් ඒ මොහොත වන විටත් මුලතිවුහි නන්දිකඩල් කළපුවට උතුරු දිගින් විහිදුණු පුදුමාත්තලන් වෙරළ තීරය, ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ නීත්‍යානුකූල බර අවි සඳහා නිදහස් මිනිස් දඩයම් බිමක් බවට පෙරළී තිබිණ. අපේ‍්‍රල් 12 වෙනිදා දෙමළ ජාතික සන්ධානය විසින් නිකුත් කළ ප‍්‍රවෘත්ති නිවේදනයකට අනුව ජනවාරියේ සිට 4,100ක් සිවිල් ජනයා මරණයට පත්ව තිබේ. 8,000කට වැඩි ජනයා තුවාල ලබා තිබේ. 12 වෙනිදායින් අවසන් වූ දින නවයක කාලය තුළ පමණක් මියගියවුන්ගේ සංඛ්‍යාව 707කි. ඒ සංඛ්‍යා දත්ත ‘ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ නීත්‍යානුකූල අවි බලයේ’ ප‍්‍රති විපාකයැයි ජවිපෙ නොතකයි. නන්දන බාලගේගේ මරණය තරම් වැදගත් පණිවුඩයක් ඒ මළවුන් විසින් දකුණට නොගෙනාවේ එබැවිනි.
අපේ‍්‍රල් 11 වෙනිදා ලන්ඩන් ‘ගාඩියන්’ පත‍්‍රයේ කතුවැකියෙන් හෙළි කොට තිබු ආකාරයට 07 වෙනිදා පුදුමාත්තලන් රෝහලට 20 දෙනෙකුගේ මළ සිරුරු ගෙනැවිත් තිබිණ. තුවාල ලද 133 දෙනෙකු ඊට අමතර වශයෙනි. බදාදා මරණ ප‍්‍රමාණය 46කි. තුවාලකරුවන් 296කි. බ‍්‍රහ්පතින්දාවේ මළ සිරුරු 62කි. තුවාලකරුවන් 300කට වැඩි ය. ඒ වනාහී ප‍්‍රහාරයන්ගෙන් විසුණුව බිම්බත් වූ තවත් දුසිම් ගණන් මළවුන් අතහැර දැමූ විට යථාර්ථයයයි. අපේ‍්‍රල් 09 වෙනිදා නිකුත් කළ ‘හියුමන් රයිට්ස් වොච්’ නිවේදනයක් මගින් මේ සියළු තොරතුරු යළිත් සනාථ කොට තිබිණ. අපේ‍්‍රල් 08 වෙනිදා පොක්කනෛ ප‍්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයට එල්ල වූ ෂෙල් ප‍්‍රහාරයන්ට ගොදුරුව අඩුම ගණනින් 13 දෙනෙකු මියගොස්, 50 දෙනෙකුවත් තුවාල ලබන්නට ඇතැයි ඒ නිවේදනයෙන්ම කියැවිණ.
ඒ සියළු ලේ වැගිරීම් ආණ්ඩුවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතියෙන් නිකුත් කළ අවි මගිනි. නමුත් ඒ මරණ කිසිවක් ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ සහ ‘ආඥාදායකත්වය’ ගැන අංශුවක් තරමේ හෝ වැදගත් පාඩමක් දකුණට උගන්වන බව ජවිපෙ නායකයා කියා නොතිබිණ. නන්දන බාලගේ ඝානය කළදාම සන්ධ්‍යාවේදී ජවිපෙ නිකුත් කළ ‘උතුරේ සාර්ථක යුද මෙහෙයුම්’ පිළිබඳ සුබ පැතුම් නිවේදනය ඒ වෙනුවට ය. මහ වැසි මැද ඇද වැටෙන ෂෙල් වැසිවලට ගොදුරුව පුදුමාත්තලන් වැල්ලේ ‘ආරක්‍ෂිත අඩවිය’ තුළම සුණු විසුණු වන එකදු මිනිස් ප‍්‍රාණියෙක් ගැන එකම එක වචනයක් හෝ ඒ නිවේදනයේ නොවිණ. ‘මිනීමරුවන් රකින ආණ්ඩුව’ ගැන අපේ‍්‍රල් 08 වෙනිදා ලිප්ටන් වටරවුමේදී ජවිපෙ ලේකම්වරයාගේ උද්වේගකර කතාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සීමාව සළකුණුව තිබුණේ සිංහලකමිනි. තුන් අවුරුද්දක් තිස්සේම ‘දෙමළුන් හඹා යමින්’ මිනීමැරූ ආණ්ඩුවක් බලයට පත්කළේ ‘ජනතා විමුක්ති පෙරමුණේ අපි’ යැයි සාඩම්බරයෙන් කීම මේ දක්වා ‘වමේ පිළිවෙතක්’ සේ සැළකිය හැක්කේ ඒ සිංහලකමේ හතර මායිම තුළ පමණි.
නමුත් දැන් ජවිපෙ දොරකඩ අලූත් මෘත දේහයකි. එය සිංහලයෙකුගේ ය. ජවිපෙ නගා සිටුවනු වස් ස්වාර්ථය යටකොට දිවා ? විඩා නොබලා වෙහෙස වූ සිංහලයෙකුගේ ය. ඒ නිසළ දෙණ වටකොට වියෝ ගින්නෙන් හඬා වැළපුණු මා පිය අඹු දරු වේදනාවන්, වන්නියේ රැුළි ගසන අසමසම මිනිස් වේදනාවන්ගෙන් වෙනස්වන්නේ එක් දෙයකිනි. ඒ සිංහලකමිනි. සිය අසල්වැසි ජනවර්ගයා උතුරේත් – දකුණේත් හඹා යමින් අමු අමුවේ දඩයම් කරමින් සිටින ආණ්ඩුවක ‘ත‍්‍රස්තවාදී’ හැඩරුව ගැන හදිසියේ කල්පනාවන් පහළ වන්නේ ඒ සිංහලකමේ වෙනසෙනි. නමුත් ඒ වෙනස මළවුන් නොදනී.
පහළොස් අවුරුද්දකට කලින් සූරියකන්ද මුදුනේ වන මූකලානෙන් මළවුන්ගේ ඇට කැබළි මතුව ආ සමයේ ඒ ගැන සංවේගයෙන් ලියූ උතුරේ දෙමළෙකු ‘‘ආචාරශීලීත්වය ගෙදරින් පටන් ගත යුතු’’යැයි දකුණට මතක් කොට දී තිබිණ. ඒ මතකයන් සූරියකන්දේම අත්හැර දමා ආ සමාජයක සන්සුන් දිවි මං අවුරා දැන් තවත් මළ මිනිසෙකි. ඒ නන්දන බාලගේ ය. හරියටම තිස් අට අවුරුද්දකට කලින් අපේ‍්‍රලයකදී සංහාරය වූ පරම්පරාවක හිස් මොළ දැදුරු කළ මූනිස්සම් මෙන්ම මේ මූනිස්සමද ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතියෙන් නිකුත් වූ එකකි. පුදුමාත්තලන් වැල්ලේ ළමා ළපටින් තුරුළු කොටගෙන මරු දකිනවුන්ගේ සිරුරු විසුණු කරණ ෂෙල් වෙඩි අනුමැතිය ලබන්නේද ඒ අමාත්‍යාංශ මුද්‍රාවෙන්ම යන්න බොරු කළ නොහැකි ඇත්තකි.
ජීවත්වන ජවිපෙ සාමාජිකයින් පිටුපා සිටින්නට කැමති මුත් ලේ වැකි අතීත සංහාර බිම්වල අවතාරයක් මෙන් ඒ ඉතිහාස ඇත්ත ඇවිදියි. ඒ ඇත්ත සිංහල-දෙමළකම් නොතකයි. ඒ, මළවුන් එය නොතකන බැවිනි.
රෝහිත භාෂණ අබේවර්ධන
2009 අපේ‍්‍රල් 19 – ‘‘රාවය’’
අප්‍රේල් විරුවෝ සහ බූරුවෝ :: NIDAHASA++ Koombiya Supplement
මෙවර ද අප්‍රෙල් 5 වන දින, සාටෝපවත් උත්කර්ෂවත් උළෙලකින් ජවිපෙ විසින් අප්‍රේල් විරුවන් සමරන්නට යෙදිණ. එය මේ ලියමනෙහි ආසන්න නිමිත්තයි.
ක්‍රම-විරෝධී දේශපාලනයෙන් මුළුමනින්ම මුක්තව හිරිකිත පාර්ලිමේන්තු බලු-‍පොරය තුළ සංශෝධනවාදී හීන දකිමින් සිටින, ජන්මගත මාක්ස්වාදී පෙකණිවැල සියතින් සිඳ ගත් වත්මන් ජ.වි. පෙරමුණට අප්‍රෙල් විරුවන් සැමරීමට ඇති අයිතිය කුමක්ද යන්න ප්‍රශ්න කිරීම මඳකට කල් තබා, කූඹියා (ජ.වි.පෙ. කාඩර්වරුන් නොවන) පාඨකයන්ගෙන් මෙසේ විමසයි. මේ අප්‍රෙල් 5 වන දා ඔබ අතරින් කී දෙනෙකුට 1971 කැරැල්ල වෙනුවෙන් දිවි පිදූවන් සිහිපත් වූයේද?
ඊනියා රාජ්‍යයේ කුරිරු මර්දනය හමුවේ ලෙයින් ද කඳුලින් ද දෙරණ තෙමාලූ ඔවුහු, කිසිදා පාසැල් පෙළ පොත්වලට ඇතුලත් නොවන්නෝය. පුරන් අප්පු, වීදියේ බණ්ඩාර,කැප්පෙටිපොල වැන්නවුන්ගේ සිට වැලිවේරියේ ශිහාන් මිහිරංග දක්වා වූ හෙළ වීර ආපදානයන් තුළ කිසිදු තැනෙක ඔවුන් හමු නොවන්නෝය. අඩුම තරමේ පනාමුරේ ඇත් රාජාට සලකුණු කොට ඇති ස්ථානයවත් ඔවුනට හිමි නැත. ඔවුන්ගේ කතාව නිර්දය ලෙස සඟවනු ලැබ ඇත.
71 අරගලය, සමාන ලෝකයක් පිළිබඳව ආදරණීය සිහිනයක් දකිමින් සිටියදී, ඒ සිහිනය තුළදීම මරා දැමුනු ලැබූ මිනිසුන්ගේ කතාවයි.
අනිච්-චේ
විප්ලවීය සිත් තුළ අරගලයේ අග්නිය සදා නොනිමෙන සේ අවුලුවා තැබූ, චේ ගේ රෙඩ්-හැට් එක සහ රැවුල පමණක් සොරකම් කළ, චේ ගේ හදවත කිසිදා නොදුටු මිනිසෙකු විසින් මෙහෙය වූ කැරැල්ලකදී මිය ගියවුන් ගැන කූඹියාට ඇති ගාය කුමක්ද? කැරැල්ල ගබ්සා වීමෙන් අනතුරුව 1972 ජුලි ඇරඹුණු අප්‍රේල් මහ නඩුවේ දී, කැරැල්ලේ වගකීම අනෙක් අය මත පැටවූ අන්ත ප්‍රතිගාමියෙකු විසින් මෙහෙය වූ කැරැල්ලක් තුළ මිය ගියවුන් විරුවන් වන්නේ කෙලෙසකද?
කැරැල්ලේ ඊනියා නායකත්වය කට්ටිවාදී, කල්ලිවාදී, ස්ටැලින්වාදී සුනඛ හැසිරීම් පල කරමින් පිස්සු කෙලිද්දී, පක්ෂයේ පහළ ස්ථර වන සිටි කාඩර්වරු, උතුම් අරමුණක් වෙනුවෙන් ස්වකීය යෞවනය කැප කරමින්ද, රාජ්‍ය මර්දනය හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් අනේක ප්‍රකාර දුක් වළදමින් ද, එළඹෙන ලාංකේය සමාජවාදී විප්ලවය පිළිබඳ මනෝරාජික, එහෙත් නිර්මල සිහිනයක ගැලී හුන් හ.
යටි-පෙළ
ඒ වන විටත් පුපුරා යමින් තිබූ බංකොලොත් ධනේෂ්වර ආර්ථික ක්‍රමය තුළ මෝරා වැඩුනු බඩගින්නෙන් ද, එතෙකුදු පහව නොගිය කුල පීඩනයෙන් ද, සමාජ ස්ථරීකරණය හරහා යෝධ පිමි වලින් වර්ධනය වූ පංති පීඩනයෙන් ද, ඔඩු දුවන ලද විරැකියාවෙන් ද හෙම්බත් වූ වාස්තවික තත්වයන් යටතේ ජනතා නැගිටීමක් අනිවාර්ය වී තිබිණ. පොතේගුරුවාදී සාම්ප්‍රදායික වමේ පක්ෂ වල නිදන්ගත උකටලීභාවය විසින් නිර්මාණය කොට තිබූ රික්තමය ස්භාවය තුළ ජ.වි.පෙ. වැනි රැඩිකල් කණ්ඩායමකට යා හැකිව තිබූ දුර අතිමහත් විය. නමුත් පක්ෂය මෙහෙය වූ සුළු ධනේෂ්වර නායකත්වයේ ඉක්මන්කාරීත්වය ද, හිරිකිත අභ්‍යන්තරික ගැටුම් ද විසින් එය උපන් ගෙයිම පොඩි පට්ටම් වූ කැරැල්ලක් බවට පත් කරනු ලැබිණ.
පංති පහ
කැරැල්ලේ න්‍යයාචාර්යවරුන් විසින් සම්පාදනය කළ කුප්‍රකට පංති පහ විසින් අරගලකරුවන් තුළ යම් ප්‍රමාණයක (කෘතීම) හිරිවැටීමක් ඇති කළ බව සැබෑ විය හැකි නමුදු, ජීවිතය පරදුවට තබන්නට පොළඹවාලූ ආවේශයක් ඔවුන් තුළ ජනිත කරනු ලැබූයේ, ඔවුන්ගේ හදවත් තුළ වූ වඩා ආදරණීය වූ ද සමාන අයිතීන් ඇත්තාවූ ද හෙට දවසක් දිනා ගැනීමේ නොකිලිටි බලාපොරොත්තුව විසින් යැයි කූඹියා විශ්වාස කරයි. රාජ්‍යයේ මුර බල්ලන් විසින් මරා දැමුයේ, ගිනි ලූයේ ඒ බලාපොරොත්තුවටයි. ඒ හදවත්වල තිබූ මිනිස්කමටයි.
හදවත සහ විප්ලවය
තනි මිනිස් සිතක කුඩා දිය කඳුරක් සේ බිහිවන සමාජය වෙනස් කිරීමේ අධ්‍යාශය, වඩා පෘථූල සංවිධානාත්මක සන්දර්භයක් තුළ පෝෂණය කොට දැඩි කිරීමෙන් සමාජ විප්ලවය උපදී. සියළු විප්ලව තුළ ප්‍රතීයමාන වන්නේ පවත්නා ක්‍රමය වෙනස් කිරීම සඳහා පුද්ගල හෘද සාක්ෂිය විසින් කරනු ලබන්නා වූ අනවරත පෙළඹවීමයි.
අරගලයක ආරම්භයේදී තනි තනි ආත්මයන් තුළ පවත්නා පුද්ගල මනෝභාවයන් සහ අරමුණු, එහි පශ්චිම යාමයේදී යෝධ පොදු පුද්ගල මනෝභාවයකට රූපාන්තරණය වෙයි. විප්ලවීය ජවයකින් ඉදිරියට යන කාඩර්වරු බිහිවන්නේ මේ සාමූහික මනෝ භාවය තුළයි. එම හැඟීම සැබැවින්ම ආශ්චර්යමත්ය. එම විප්ලවීය ආවේශයේ පරම අවස්ථාවේදී අරගලකරුවා, ස්වාත්මයෙන් මුළුමනින්ම වියෝ වී, සියළු බැඳීම් වලින් විනිර්මුක්ත ස්භාවයකට එළඹෙයි.එතැනදී ඔහුට එක්කෝ අරගලයේ ජයග්‍රහණය හෝ මරණය යන දෙකෙන් එකක් හමු වේ.
බූරුවෝ නොකරන දේ
අප්‍රෙල් විරුවන් සහ අප්‍රෙල් බූරුවන් වෙන වෙනම හඳුනා ගැනීම, 1971 කැරැල්ල පිළබඳව හෝ 1989 ඊනියා දේශප්‍රේමී කුලප්පුව පිළිබඳව කිසිදා ස්වයං විචේචනයක නොයෙදෙන එම පක්ෂයේ වත්මන් උරුමකරුවන් විසින් කිසිදා නොකරන්නකි.,
ලාංකීය දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය හැකිව තිබූ 71 කැරැල්ල, සියළු ක්‍රම-විරෝධී කොටස් සියුම් ලෙස හැදෑරිය යුත්තකි. එය හෙට දවසේ වඩා ආදරණීය වූ සමාජයක් බිහි කර ගැනීමේ සිහිනයට පන්නරය ලබා දෙනු නිසැකය.ඒ සඳහා කූඹියාගේ මේ ලියමන උත්තේජනයක් වෙතැයි විශ්වාස කරමි.
-කූඹියා-
2006-04-20
‘නිදහස’ කූඹියා Supplement හී තිබී උස්සන ලදී.